කළුතර යළිත් නාය බියක්‌

කළුතර දිස්‌ත්‍රික්‌කයේ රක්‍ෂිත වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවලට දිනපතාම ඇදහැලෙන මහ වැසි නිසා කඳු නාය යැමට ඉඩ ඇතැයි කඳු පාමුල පදිංචිකරුවන් බිය පළකරති.

බදුරලිය, අගලවත්ත, මතුගම, බුලත්සිංහල ප්‍රදේශවලට පසුගිය දින කීපය තුළදී නොකඩවා මහ වැසි ඇදහැලීම නිසා පස්‌ කඳු සේදී යමින් පවතින බවද කඳු පාමුල පදිංචිකරුවෝ පවසති.

කළු ගඟ අසබඩ අතු ගංගා ජලයෙන් පිරී පවතින අතර කළුගඟේ ජලයද ඊයේ වනවිට බොර පැහැයෙන් යුක්‌තව ගලා යන ආකාරයක්‌ දක්‌නට ලැබුණි.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල නායයැමට ඉඩ ඇති හෙයින් කඳු පාමුල පදිංචිකරුවන්ට කල්පනාකාරී වන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අවවාද කරයි.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ  

Comments